Posted in Uncategorized

හිට්ලරාගමනය (ii)

“ අර මොකද බං අර…?” කෝලාහලයක් ඇතිව තිබෙන තැනක් දැක අප නතර වීමු. විස්තරේ හොයාගැනීමට ගිය ජොබා ක්ෂණිකව අප ඉස්සරහට පාත් වුණේ ය.

“ ඒ අර අනුන්ගේ සිංදු කියලා දිනපු ස්ටාර් කෙනෙක්නේ…”

“ ඉතින් මොකක්ද වලිය…” හිට්ලර් විමසා සිටියේ ය.

“ මුකුත් නෑ… දෙනවා කිව්ව ගානට වඩා රුපියල් සීයක් අඩුවෙන් දීලා තියෙන්නේ කියලානේ ඔය වලිය… අපෝ ඕවා මෙහේ සාමාන්‍ය දේවල් හිට්ලර්.. අපි යමු යන්න…”

අපිට අඩියක් ඉදිරියට යාමට හැකි වූයේ නැත. නාන ඇදුමින් සිටින කෙල්ලන් කිහිප දෙනෙකු වටකරගත් සුපිරි ගායක ඉරාජ් මහතා අප ඉදිරියට පැමිණියේ ය.

“ අප්පට සිරි හිට්ලර්…. ” ඔහු වහා හිට්ලර් හදුනාගත් අතර දෑස් මිණිකැට මෙන් බැබළෙන අයුරු මම දැක ගත්තෙමි. අනිවා ඊළඟ මියුසික් වීඩියෝවේ අදහස ඔහුගේ ඔළුවට පැමිණියා විය යුතුය. ඉරාජ් හිට්ලර්ගේ කරවටා අතක් දමාගන්නා අතරවාරයේ ජොබා මගේ කනට කෙදිරුවේ ය.

“ ඉක්මනට හිට්ලර්කාරයාව මෙතනින් අරන් යමන්… නැතිනම් වෙන්නේ ස්විමිං පූල් එකක බාගෙට ඇදගත්ත කෙල්ලෝ එක්ක හිට්ලර් සිංදුවක් කියන වීඩියෝ එකක් බලන්න තමයි… යමයා ජස්ට් වැකේෂන් එක කැන්සල් කරයි උගේ… පව් අසරණයා…”

හිට්ලර්ට අළුත් ජොකෙක් ගන්නට වහාම යායුතු යැයි පවසා මං වහාම ඉරාජ්ගෙන් හිට්ලර් ගලවාගත්තෙමි.
“ මට මියුසික් වීඩියෝ එකකට එන්න කිව්වනේ…!” හිට්ලර් සතුටින් පවසන කල්හී මම එයට යමක් කීමට සැරසෙන විට ජොබා අප දෙදෙනාව ඇදගෙන කුණු බක්කියක් පසුපස සැඟවුණේය. චමූ ශ්‍රීද කෙල්ලෝ ටිකක් පිරිවරාගෙන යන අයුරු අප දැකගත්තෙමු.

“ යකෝ… මියුසික් වීඩියෝ කාරයොන්ගෙන්නේ බේරෙන්න බැරි…” ඒ ගිය තැනැත්තාත් මියුසික් වීඩියෝ කාරයෙක් යැයි දැනගත් හිට්ලර් කීවේය. “ ඇමරිකා හමුදාවෙනුත් බේරතැහැකි, රුසියාවෙනුත් බේරතැහැකි ඒත් ලංකාවේ මියුසික් වීඩියෝ කාරයෝ නම්… අම්මෝ…!”

කෙසේවුවත් හිට්ලර්ට යථාර්ථය අවබෝධ වී තිබීම පිළිබඳව අප දෙදෙනා මහත් සතුටට පත්වූ අතර ඒ සතුට සමරනු වස් අඩියක් ගැසීමට හිට්ලර්වත් ඇදගෙන බාර් එකකට වැදුණෙමු.
“ කිරි ආතාට ගෑස් ගහපි …. මේකේ සෙනඟ”
“ ඒම තමයි හිට්ලර් බ්‍රෝ …. ලංකාවේ මිනිස්සු ලෝකේ විනාශ උනත් එදා හවසට ගෙදර යද්දීත් බීලයි යන්නේ..”
“ එතකොට මතට තිත…” හිට්ලර් ඇහුව ප්‍රශ්නේට අපි දෙන්නාගේ සෑම සිදුරකින්ම හිනාවන් පිට වෙන්න ගත්තා.
“ මතට තිත කෙසේ වෙතත් තිතට මතනම් තියෙනවා….” මම කීවෙමි. වේටර්ට සුපිරි ගල් බෝතලයක් ගෙනෙන ලෙස කියූ මා නැවතත් හිට්ලර් දෙසට හැරුණේ ය.“ මතට තිත තිබ්බේ ඉස්සර.. දැන් තියෙන්නේ මයිලෝවට තිත…”
හිට්ලර් මොනා වුණත් හොඳ ඩෑල් එකක් ය. අපේ ඇමැතිලා වගේ සූර් වෙන්න මිනිහා ගසන්නේ නැත. බෝතලේ මූඩියෙන් චුට්ට චුට්ට බොන්නේ ය. එනිසා අපේ ඇමැති පුත්තු වගේ ප්ලේන් එකේ දොරෙන් චූ කරන්නේ නැත. බීලා ගහගන්න ගියේ නැත. එනිසා අපි බාර් එකෙන් පිටතට ආවේ මහත්තුරු සේ ය.
“ කව්ද කොල්ලෝ අර පාර මැද්දේ සෙල්ලම් කරන්නේ…”
හිට්ලර් පෙන්වූ දිශාව අපි බැලුවෙමු. සුදු සරමක් හා ෂර්ට් එකක් පැළැඳි පුද්ගලයෙකු පාරේ මැද්දේ නිදා සිටි අතර බඩ තඩි තවත් එවැනිම එකෙකු සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පාරේ යන උන්ට වෙඩි තියනු දක්නට ලැබුණි. ඒ මිනිහා හිට්ලර් ළඟටද පැමිණ සෙල්ලම් පිස්තෝලේ දිගු කර “ ඩිෂුම් ඩිෂුම් ” යැයි කියා දුවගෙන ගියේ ය.

“ ආ… ඒ අපේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීලා සෙට් එකක්නේ…” ජොබා වගේ වගක් නැතුව කියා දැම්මේ ය. “ ඒ එයාලා විරෝධය පාන අළුත්ම ඉස්ටැයිල් එක… ඕවා අපිට සාමාන්‍ය දේවල් හිට්ලර් බ්‍රෝ…”

තව ටිකකින් ගොන් කරත්ත පදින සෙට් එකකුත් බයිසිකල් වල එන සෙටාර් එකකුත් එතැනට සෙට් වෙන්න එන බව ඈත තියා මා දැක ගත්තෙන් හිට්ලර් ඇදගෙන එතැනින් පිටත් වූයෙමි.
එතැනින් පැනගත් අප දියවන්නාව පැත්තට යන්නට වීමු. හිට්ලර්ට අපේ උත්තරීතර පාර්ලිමේන්තුව දැකගැනීමට අවැසි යැයි පැවසූ නිසා අප එදෙසට පියමැන්නද හිට්ලර් කූඨ උපක්‍රමයක් යොදා පාර්ලිමේන්තුවට පහර දේවි යැයි බියකුත් මගේ සිතේ ඒ වන විට ඇතිව තිබුණි. හිට්ලර්ට සිරි නරඹන්න ඉඩදී මම ජොබාට මගේ සාධාරණ සැකය පවසා සිටියෙමි.

“ පිස්සුද යකෝ…” ජොබා සිනාසෙන්නට විය. “ ආක්‍රමණය කරන්න හිතුණත් පාර්ලිමේන්තුව දැක්කට පස්සේ මිනිහාට එහෙම හිතෙන එකක් නෑ… බය නොවී වරෙන්…”

“ කොහේද කොල්ලෝ ඒ කුණුහරුපෙන් බැනගන්නවා ඇහෙන්නේ… මුඩුක්කුවක් වත්ද? ” හිට්ලර් එසේ ඇසුවේ ය.
“ ආ.. ඒ තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව… ”
හිට්ලර් බ්‍රේක් ගැසුවා සේ හිටිතැනම නතර වීය. අප දෙදෙනද නතර වීමු. ඉන්පසු හිට්ලර් එසේ ඇසෙන ශබ්දයන්ට හොඳින් ඇහුම්කම් දුන් අතර මුහුණ පුළුටු වී යනු දැක්කෙන් ජොබාගේ තර්කය නිවැරැදි යැයි මටද සිතුණි. ඒ අතර හිට්ලර් දියවන්නාව දෙසට බැල්මක් හෙළා අප දෙදෙනාට එතැනට එන ලෙස සන් කරන ලදී.

“ කව්ද බං අර රෙදි හෝදන අය…”
කිරිඇල්ල ඇමැතිතුමා තවත් කිහිප දෙනෙකු සමඟ එක්ව ලහි ලහියේ රෙදි අපුල්ලනු අපට පෙනෙමින් තිබුණි. ඒ අපේ අමැතිවරයෙකු බවද පාර්ට් ටයිම් ජොබක් වශයෙන් රෙදි අපුල්ලන බවද මම ඔහුට සැළකර සිටියෙමි. ඒ අතර හරීන් ඇමතිතුමා එතුමාගේ ටැබ්ලට් එක අරගෙන හතර අතේ පස්ස කැඩුණ කඩියෙක් මෙන් දුවමින් සිටියේ ය.

“ මං හිතන්නේ ඉස්කෝල වලට ටැබ්ලට් බෙදන්න යනවා වෙන්න ඇති…”

    “ අම්මා ගහයි නාසිවාදෙන්… අර මොක්කුද අර…?”

වාරා