Posted in Uncategorized

රෑ වැටුණ වලේ දවල් ද වැටීම

අපි බොහෝම විවෘත මිනිස්සු. එහෙම තමයි අපි අපි ගැනම හිතාගෙන ඉන්නේ. ඒත් ඇත්තටම අපි විවෘත මිනිස්සු ද?
පිරිමියෙක් දෙස බැලුවොත් පිරිමියා කැමතියි බොහෝම විවෘත වෙන්න. නමුත් ඒ විවෘත භාවය නිසාම බොහෝම අවස්ථාවල සමාජයීකයෝ විසින් පිරිමියාව වනචරයෙකු වලත්තයෙකු ලෙස හංවඩු ගසන ඉඩ බොහෝම වැඩියි.

නමුත් මේ කියන්නට යන්නේ ඒ ආකාරයේ පිරිමි සිතක් ගැන නම් නොවෙයි. විවෘත වෙන්න අවශ්‍ය වුවත් විවෘත විය නොහැකි ලෙස සිරකරගත් සිත් ගැන.

ප්‍රේමය. වචනය හරිම සුන්දරයි නේද? ඒත් මොහොතකට ඔබේ අතීතස්මරණයකට යන්න. ඒ ප්‍රේමය කියන සුන්දර වචනය ඇතුළේ සැගවිලා තියෙන අසාමාන්‍ය පීඩාව දැනෙනවද? ඔව් ප්‍රේමය අන්න ඒ වගේ. බහුරූපී යි. එක් අවස්ථාවක එක් ස්වරූපයකින් ඉදලා අනිත් අවස්ථාවේ තවත් ස්වරූපයකට පරිවර්ථනය වෙනවා.

අතැම් පිරිමි ඉන්නවා අසීමිතව ප්‍රේම කරලා ඉන් පීඩාවට පත්වෙන. එහෙම පිරිමි සදහටම සැගවෙලා යනවා. ප්‍රේමය කියන වචනයෙන් පවා සැගවෙන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. එහෙම පිරිමි සැගවුණ ඉබි කට්ටෙන් නැවත එළියට ආ හැකිද?

ඔව්… එය අතිශය අවදානම් කාර්යයක්. මොහොතකට සිතන්න ඔබ සැගව සිටි තැනින් එළියට විත් නැවතත් ඇතුළ් වූයේ පෙර ආගාධයටම නම්. එසේ නම් ඔබ පෙරටත් වඩා පීඩාවකට පත්වෙනවා නොවේද? ඔබ ඒ තීරණය නොගෙන සුපුරුදු ලෙසින්ම ප්‍රේමයෙන් වහන්ව සිටියා නම් කියා තවත් පසුතැවිල්ලක් සිතට ඇතිවෙනවා නේද?

සිංහල භාෂා ව්‍යවහාරයේ මෙහෙම කතාවක් තියෙනවා. ගිනි පෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියලා. ඒත් දවසක අදුරෙන් එළියට එන්නට සිතා කණාමැදිරි එළිය ළං කරගන්න ගොස් ලොකු ගින්නකට පනින්න සිදු වුවහොත්.

ඒකයි පිරිමි බොහෝම නිෂ්ශබ්ද? පිරිමින්ට බෑ අඩලා කෑ ගහලා උන්ගේ පීඩාව එළියට දෙන්න. නමුත් ඒ හිත් හරිම සියුම්. ඔබ හිතනා ඇති කාන්තාවක සිතකට සාපේත්ෂව පිරිමි හරි දරදඩුයි කියලා. නැහැ. ඒ පිරිමි මතුපිටින් පෙන්වන හැගීම. සමාඩය පිරිමියාට ලබා දී ඇති අර්ථකථනයට අනුකූලව හැසිරෙන ආකාරය. නමුත් ඕනෑම පිරිමියෙක් තුළ අතිශය සංවේදනීය චරිතයක් සැගවිලා තියෙනවා. ඒකයි පිරිමි ආදරේදී ඔච්චර බොළද.

එක් වතාවක ආධ්‍යාත්මය මැරී ගිය පිරිමියෙකු නැවත වරක් ආධ්‍යාත්මය අවදි කරන්නට සිතනවා නම් ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අළුත් ජීවිතය පිළිබද ඔහු විශ්වාස කරන නිසා. අළුත් ජීවිතයට ඔහු ආසා කරන නිසා. නමුත් ඒ අළුත් ජීවිතය ඇතුළෙත් විශ්වාසය කඩ වෙලා ගියාම ආයෙත් ඒ පිරිමියා ආලෝකයක් තුළ සතුටින් සිටිනවා කිසිදිනක දක්නට නොලැබේවි. ඔහු දකින්න පුළුවන් අදුර තුළ සිරවී සමාජීය අර්ථකතනයට ගැලපෙන ලෙස ව්‍යාජමය ලෙසින් ජීවත් වෙන අයෙකු ලෙසම පමණි.

ඉතින් ඔබ කිසිදිනක පිරිමියෙකුගේ සැබෑ චින්තනයක් හදුනා නොගනිනු ඇත. ඔබ පිරිමියා වටහා ගැනීමට නම් ඔහුගේ අභ්‍යන්තරයට එබී බැලිය යුතුය. නැතහොත් ඔහුගේ ජීවිතයේ ආලෝකය සමග සෙල්ලම් නොකර වෙනතක් බලා සිටිය යුතුය.

එවිට ලෝකයට ආලෝකය තුළ වැජඹෙන පිරිමි ඉතුරු වේවි!

Author:

‍‍ඉඩ දෙමි පාවෙන්නට ජීවිතය. සුළඟට ඉඟි කරමින් සුළඟ මත රැ‍‍‍‍දෙමින් සුළඟටම පෙම් කරන්නට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s