කිසිවෙක්ට නොබැදි ඇගේ සිත
බැදලන්නට මගේ නමින්
මා කරමි අරගලයක්..!
ඈ තැනූ බාධක බිදදමා
නොනැවතී යමි ඇය කරා
මා නවතනු නොහැකි බව දැක
යටත් වුනි ඈ ආයුධ බිම දමා
නමුත්…..
මගේ වූ විට ඇය දුටුමි මම
අරගලය තව ඉවර නෑ කියා
හංදියේ අත ඇල්ලුවොතින් අප
නෑ සනුහරේ එයි පොලිසිය වෙලා
දෙතොල සිප ගන්නට පමණක්
මාස්ටර් ප්ලෑන් සිතන්නට වෙලා
විදින විට කාලයක් පෙම් සුව
සිතුවේ අරගලය ඉවරයි කියා
ගෙදරට කියමු යැයි ඇය කී විට
අරගලේ උණුසුම තව වැඩි වුනා
මා පවුල අත බැටන් පොළුය
ඇගේ පවුල අත පිස්තෝලය
මර්දනය කෙරුමට අප ප්‍රේමය
පවුල් දෙක එක්වූ හැටි අපූරුය
ගලක් මෙන් සවිමත්ව අප දෙපල
ගෙන ගියෙමු අරගලය දිගටම
වැටහුනු කල බිදිය නොහැකි බව
මර්දනය අතහැර විසදුම දුන්නෝය
ඉතින් සතුටුයි අපි දෙන්නාටම..!
දැන් ඉතින් ඉවරමයි අරගලය
සුසුමක් හෙළුනි මටත් නොදැනිම
සුසුම පිටවී මොහොත යද්දී
ඕනි කිව්වයි සුපිරි වෙඩිමක්..!
අහෝ නිමක් නැති අරගලයක්..!
ඉතිං මිතුර මා කියන්නෙමි
ප්‍රේමයත් රැඩිකල් දෙයක්…!
©වාරා (ASD)
03/12/2017